Friday, March 29, 2013

~අපිට වැස්ස~

වැස්ස වැස්ස තවත් වැස්ස...
හවස්වෙන්න හවස්වෙන්න...
රත්නපුරෙට වහින වැස්ස...

පායනකොට උඩම බලන්...
මැරෙන්න උන් තිත්ත පැටව්...
උඩ පැන පැන මිදුල පුරා...
යන සවාරි ආන් බලන්...

බස බස ගා එලියට වන්...
තුන් ඉරි ඉන්ජිනේරුවන්...
බලාහිදී යන එන මග...
මනින්න දෙපතුලේ ඉදන්...

යන යන පොල්ගෙඩිය ගලන්...
අල්ලන්නට කැමති එවුන්...
දෙකක් කරයි ගම්මානෙම...
ගග ලග මුර කරන ගමන්...

සරසවියෙන් ආපු ගමන්...
ගෙදරට වී ඉන්න මෙමන්...
බොමි රස තේ ඉගුරු දමන්...
මේ විගඩම් බලන ගමන්...

~අවසරයි...~

අවසරයි වියන්නට...
රිදීයෙන් වැඩදැමූ
ජීවිත සිත්තම...
මාගේ දැහැන ලෙස
සයිබර් අවකාශයේ...