Monday, December 8, 2014

~වැලි මාලිගා...~


සැඩ පහර ගසාගිය
වැලි මැදුර අත් නොහැර
ශෝකයෙන් ඉකි ගසපු
නුබ යලිත් සිනාසේ...

නැගනියනි කියාපන්
ආයෙමත් හඩන්නට
ඇයිද නුබ මාලිගය
තනන්නේ වැල්ලේ...

Tuesday, June 3, 2014

~ප්‍රේමය~


ඈතටම නෙත් යොමන්...
පෙනෙයි දිය පිරුනු මෙන්...
ලගට වන් විට තවත්...
කතරමය පිච්චියන්...
ආයෙමත් නෙත් අයන්...
දිය සොයා දුවාපන්...
අපූරුයි හුන් තැනම...
දිය පෙනේ බැබලෙමින්...

Thursday, April 10, 2014

~විකල්පය~

අවාරයේ නුබ ආවාට...
ගෙඩි මල් කොහෙද ගස්වල...
කාලයක් පුරාවට...
නියගයෙන්  ඔත්පලව...
කණාටුව ඉරිතැලුණු...
බිම වැතිර සුසුම් ලන...
දියපොදක් එනතුරා...
මගබලන තුරුවැලට...
දියනොහැක ගෙඩි මල්...
නමුදු...
අවැසි නම් ගත හැකිය දරට නම්...

Monday, March 24, 2014

~අසුන~

බස් රියේ සීරුවෙන්...
සෙනග මැද තෙරපෙමින්...
යොවුන් ලද සුකොමලය...
සැරසිලා සාරියෙන්...

තරුණ නෙතු අද්දරින්...
හෙලන බැල්මන් නොයෙක...
නොදන්නා අයෙක් මෙන්...
බලන් යයි ඈ ඉවත...

වාඩි වූ මහත්වරු...
නොම බලයි ඇගෙ දෙස...
පෙනෙන මුත් ඇස් අගට...
විසිවෙනා බව තදට...

එකම එක කෙලවරක...
උන් එකෙක් එකවරම...
අතින් සන් කරයි ඈට...
ඔහු අසුනෙ හිදගන්න...

මදක් ආඩම්බරය...
නමුත් ඈ අසරණය...
තුති සිනා මල් මිටක්...
හෙලා අසුනට විය...

අසුන් තව හිස් වුනිය...
ඔහු තවත් හිටගෙනය...
සිහින් මදහස නගා...
තව වරක් හිනහුනිය...

ගමන් මග බොහො දුරය...
ලග අසුන හිස් වුනිය...
හිදගනී දැන් මෙතන...
වෙවි දැන් මහ ඇනය...

ඇයට සිතිවිලි බොහොය...
අත්දැකුම් මහ ගොඩය...
ගත්තොතින් උදව්වක්...
ඉල්ලතී නොම්මරය...

නැත කිසිම වාසියක...
අරමුණෙන් දී අසුන...
නියම මහතෙකු නියා...
තවත් ඔහු සිටගෙනය...

බස් රථය ලගාවුනි...
ඔහුගෙ නැවතුම්පොලට...
කවුලුවෙන් එහා ඉම....
නෙත් යොමා උන් ඇයට....

තව වරක් ඔහූ දෙසට....
නෙතු ගියා නොදැනීම....
සිනහවෙන් ඔපවැටී...
බලා හුන් ඔහුට ඈ....

සිනහවක් පා කලා....
හදුනනා උන් ලෙසින්...
"නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස දැනුනා..."
ගීතයකි මහ හඩින්...

Sunday, March 16, 2014

~පියනගමි හෙට දිනට~

දිනක් සුභ දිනක්...
නැවුම් අරුණැල්ලක් සමග...
වඩීවි හෙට දිනේ...
පියබන්න සුභ ලොවට...
සමුදෙමි අතීතෙට...
යලි නොයෙමි නුබ වෙතට....
ඉතින් ආයුබෝවන්...

Sunday, March 9, 2014

~බඹරය~



කැරකෙයි රවුමට...
දකුණෙන් වමටම...
ආයෙමත් දකුණටම...
තියුණු තුඩු සෙමි සෙමින්...
ගිලෙයි තව පතුලටම...
එකම එක තැන ඉදන්...
සිදුරු උන තැන් තවත්...
පාරවන්නේ නැතුව...
කැරකියන් වෙන තැනක ...

Monday, February 17, 2014

~චිත්‍රා~

යොමයි දෙසවන්...
බිදෙන හඩ වෙත...
වසා ඇතිමුදු...
උමන් මන් දොර...
දැස් දල්වයි...
සෙමින් මුමුනයි...
පමාවට තව...
කිමද  කාරන..
ගාමිනි නුබ...
මා නොදුටුවෙද...