Monday, March 24, 2014

~අසුන~

බස් රියේ සීරුවෙන්...
සෙනග මැද තෙරපෙමින්...
යොවුන් ලද සුකොමලය...
සැරසිලා සාරියෙන්...

තරුණ නෙතු අද්දරින්...
හෙලන බැල්මන් නොයෙක...
නොදන්නා අයෙක් මෙන්...
බලන් යයි ඈ ඉවත...

වාඩි වූ මහත්වරු...
නොම බලයි ඇගෙ දෙස...
පෙනෙන මුත් ඇස් අගට...
විසිවෙනා බව තදට...

එකම එක කෙලවරක...
උන් එකෙක් එකවරම...
අතින් සන් කරයි ඈට...
ඔහු අසුනෙ හිදගන්න...

මදක් ආඩම්බරය...
නමුත් ඈ අසරණය...
තුති සිනා මල් මිටක්...
හෙලා අසුනට විය...

අසුන් තව හිස් වුනිය...
ඔහු තවත් හිටගෙනය...
සිහින් මදහස නගා...
තව වරක් හිනහුනිය...

ගමන් මග බොහො දුරය...
ලග අසුන හිස් වුනිය...
හිදගනී දැන් මෙතන...
වෙවි දැන් මහ ඇනය...

ඇයට සිතිවිලි බොහොය...
අත්දැකුම් මහ ගොඩය...
ගත්තොතින් උදව්වක්...
ඉල්ලතී නොම්මරය...

නැත කිසිම වාසියක...
අරමුණෙන් දී අසුන...
නියම මහතෙකු නියා...
තවත් ඔහු සිටගෙනය...

බස් රථය ලගාවුනි...
ඔහුගෙ නැවතුම්පොලට...
කවුලුවෙන් එහා ඉම....
නෙත් යොමා උන් ඇයට....

තව වරක් ඔහූ දෙසට....
නෙතු ගියා නොදැනීම....
සිනහවෙන් ඔපවැටී...
බලා හුන් ඔහුට ඈ....

සිනහවක් පා කලා....
හදුනනා උන් ලෙසින්...
"නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස දැනුනා..."
ගීතයකි මහ හඩින්...

No comments:

Post a Comment