Tuesday, June 3, 2014

~ප්‍රේමය~


ඈතටම නෙත් යොමන්...
පෙනෙයි දිය පිරුනු මෙන්...
ලගට වන් විට තවත්...
කතරමය පිච්චියන්...
ආයෙමත් නෙත් අයන්...
දිය සොයා දුවාපන්...
අපූරුයි හුන් තැනම...
දිය පෙනේ බැබලෙමින්...

3 comments:

  1. සත්තමයි රිදුම් දෙයි
    සුසුම් හද පාරවයි
    මිරිගුවකි ප්‍රේමය
    සසරෙ සිත රවටනා...

    ReplyDelete
    Replies
    1. අපූරුයි සොයුරිය... :D

      Delete
  2. ගෙවෙන සුළු මොහොතකට
    සිත නිවා සැනසුවත්
    පෙළයි තව සිය වරක්
    මිරිගුවකි ප්‍රේමයත්... :)

    ReplyDelete