කිමද ඇය තනිවෙලා..
ලොව දුවයි ඈ දමා...
දෑස කිම තෙත් වෙලා...
හදවතම නැතිවෙලා..
ඉරි තැලූ අතීතය...
උඩට වට පොද වැස්ස...
සුලන් රැල්ලක වෙලී...
සැඟවෙලා ගොස් ඈත...
කිමද දුක ඔය ලෙසට...
වඩියි වැසි මෝසමට...
කටොර බිම් තෙමාලා...
මල් පිපෙයි එක ලෙසට...
නැත පැතුම් දැන් ඇයට...
වැස්ස විට පිපෙන්නට...
දිරිය ඇත මහ මෙරක...
ගමන තනියම යන්ට...
No comments:
Post a Comment